රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව , සිවිල් සමාජ සංවිධාන එකමුතුව හා එක්ව සංවිධානය කරනු ලබන ''මහජන මන්ත්‍රණ සභාව'' සිව්වන දිගහැරුම අද(04) කොළඹ,ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ප්‍රධාන තොරතුරු තාක්ෂණ ආයතන එක්ව දකුණු පළාත් තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සතියක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට
ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කිරීම දැලි පිහියෙන් කිරි කනවා වගේ බවත්, මෙම තනතුර හෙබවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (03) දින පෙරවරුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයකදී පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 15 ක සේවය කරන අතිරේක රෙජ්ස්ට්‍රාර්වරුන් සදහා ලැප්ටොප් ලබා දීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.