මේ වන විට දේශීය අර්තාපල් අස්වැන්න නෙලා ගන්නා අවස්ථාවයි. අස්වනු නෙලා ගැනීම ආරම්භ වූ අවස්ථාවේදී වගා කරුවන්ගෙන් මිලදී ගන්නා අර්තාපල් තොග මිල රු.150 – 160 ත් අතර මිලක පැවතිණි. නමුත් දිගින් දිගටම අස්වනු ලැබෙන බැවින් ඇතැම් කූට වෙළෙන්දෝ දේශීය අර්තාපල් අස්වැන්න අඩු මිලකට මිල දී ගැනීමට කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී ඇත.
රෝහල්වල විශාල ඖෂධ හිඟයක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මාධ්‍යයට කර ඇති ප්‍රකාශය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ කරුණූ දැක්වීමයි.
වී අලෙවි මණ්ඩලය විසින් එක් ගොවිමහතෙකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය තව කිලෝ ග්‍රෑම් 1000කින් වැඩි කරයි.