ශ්‍රී ලාංකේය මානව වංශාවලියේ සුවිශේෂ ජන කොට්ඨාශයක් වන වැදි ජනතාව හා ඔවුන්ට අනන්‍ය වූ සංස්කෘතිය සිහිකරමින්, ''සංක්‍රමණ හා සංචලනය '' යන තේමාව අනුව 2018 ලෝක ආදිවාසී දින සැමරුම උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු විජයදාස රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2018 අගෝස්තු මස 09 වන අද දින දඹාන ආදිවාසී ගම්මානයේදී පැවැත්වීමට නියමිතය.
වෙළෙඳපොළේ සම්බා සහල් මිළ දිගින් දිගටම ඉහළ යාම නිසා ඉදිරියේදී සම්බා සහල් සඳහා පාලන මිළක් නියම කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට මලික් සමරවික‍්‍රම හා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් රුස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කරන ලදි.
ගාල්ල දඩල්ල ඉදි වන නවීන පහසුකම් සහිත ක්‍රිඩාංගණයේ වැඩ කටයුතු මේ වන විට 90%ක් පමණ අවසන්ව ඇති බව ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා ඒකකය සඳහන් කර සිටියි.
පසුගිය අගෝස්තු 04 දින උහන කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කරන ලද යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු ඉතා සාර්ථකව මේ වන විට සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලය පවසයි.