අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය දන්වා සිටි අතර වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය, සිරදඬුවම වසර 6කින් ගෙවී යන ලෙස දඬුවම් නියම කළේ ය.
වෙළෙඳපොළ හා අනිකුත් ආර්ථික සාධකවල හැසිරීම විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි කාලයේදී අවශ්‍ය පරිදි අදාල බදු අනුපාතයන් සංශෝධනය කිරීමට පියවර ගැනිමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසී ය
තමිල්නාඩු සරණාගත කඳවුරුවල ජීවත් වන සරණාගතයින් 3815 දෙනෙකු මෙරටට පැමිණීමට කැමැත්ත පල කර ඇති බව ඉන්දියානු රජය විසින් දන්වා ඇතැයි ද මව්බිමට පෙරළා පැමිණෙන පුද්ගලයන්හට ස්ථිර ඉඩම්, නිවාස හා අවශ්‍ය ජීවනෝපාය ආධාර,අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන් නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
රජයේ රෝහල්වල තිබෙන ඖෂධ තොග පිළිබඳ විස්තර පරිගණක ගත කොට ඇති අතර යම් ඖෂධයක් අවසන් වු විට එම ඖෂධ පිටතින් මිල දී ගැනිමට රෝහල් අධ්‍යක්ෂවරුන්ට බලය පවරා ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.