සම්බුද්ධ ශාසනයට කුල දරුවන් පූජා කළ දෙමාපියන්ට රැකවරණය සැලසීම සඳහා කළුතර, ඈතගම ඉදිකෙරුණු ,බෝසත් මාපිය සෙවණ, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ විවෘත කෙරිණි.
කොළඹ, කොටුව දුම්රිය ස්ථානයට හා ඒ අවට ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකයේ අරක්ෂාව යොදවා තිබේ.
පුද්ගලික බස්රථ හා ගමනාගමන මණ්ඩලයේ සියලු බස් රථ ධාවනය කිරීම සඳහා තීන්දුවක් ගත් බවත් මඟී ජනතාවට මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවත් ප්‍රවාහන හ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
දුම්රිය භාවිතා කරන, උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් හෙට (09) උදෑසනින් ම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.