2018 යල කන්නයේ වී අස්වැන්නෙන් මෙට්ට්‍රික් ටොන් 120,000ක් ගොවීන්ගෙන් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් වී අලෙවි මණ්ඩලයට පසුගිය සතියේ මුදල් වෙන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි වට් සංඝටාන් (Wat Sannathan) විහාරස්ථානයේ විහාරාධිපති, මහාචාර්ය කක්රූපලස් පයිරින් සිලිවට්නෝ හිමිපාණන් වහන්සේ ඇතුලු දූත පිරිස පසුගිය(24) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
ගුරුවරුන් පුහුණු කිරීම සඳහා විශාල අධ්‍යාපන විද්‍යා පීඨයක් යාපනයේ පිහිටුවීමට සාකච්ඡා කළ බවත් දැනට තිබෙන අධ්‍යාපන පීඨයේ පහසුකම් තිබෙන්නේ 250 දෙනෙකු සඳහා පමණක් බැවින් ඊට වඩා විශාල අධ්‍යාපන විද්‍යා පීඨයක් පිහිටුවීමට අවශ්‍ය පියවර, මූල්‍යාධාර ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
2014 වසරේ අළුත්ගම දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරී වාතාවරණයෙන් හානියට පත් වෙළෙදසැල් සහ නිවාස සදහා වන්දි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය එම්.ඩී ස්වාමිනාදන් මහතාගේ සහභාගීත්වයෙන් අළුත්ගම දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී අද (26) පස්වරු 3.00 ට පැවැත්වෙයි.