රජයේ ගිණුම් කාරක සභාව විසින් සෑම වර්ෂයකම රාජ්‍ය ආයතන ගැන සොයා බලිය යුතු බවත් පාර්ලිමේන්තුවත් රාජ්‍ය ආයතන 837 නවීන තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට රජයේ ගිණුම් කාරක සභාවට හැකියාව ලැබුණු බවත් එය සුබවාදී ප්‍රවණතාවයක් බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ
සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත.
කාරක සභා වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පමණක් නොව තවදුරටත් විමර්ශනය කර අධිකරණය දක්වා ගමන් කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදය අද (19) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.