විවිධ රෝග සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අවසරයකින් තොරව ප්‍රකාශ නිකුත් කිරිම පිළිබදව විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී ඇත.
2018 වසර සඳහා අ.පො.ස. (සා.පෙළ) හා (උ.පෙළ) විභාග අපේක්ෂකයින් වෙනුවෙන් ජාතික හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීම සඳහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත් කඩිනමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙස පුද්ගයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී.වී. ගුණතිලක මහතා ඉල්ලා සිටියි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි.