ජූනි 23 වනදාට යෙදෙන ජාතික නිවාස දිනය වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති කොඩි සතිය ආරම්භ කරමින් එම පළමු කොඩිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැළදවීම ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිතුමා වෙත කොඩිය පැළදවීය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
දිවංගත හිටපු ජනාධිපති, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිර්මාතෘ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ජන්ම දිනය යෙදී ඇති ජූනි 23 වනදා දිනය ජාතික නිවාස දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
( ඡායාරූප : සුදත් සිල්වා )
අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Matthew Morel මහතා ඇතුථ නියෝජිත පිරිස ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූ අවස්ථාව
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 525 කට ඩිප්ලෝමා සහතික ප්‍රදානය සහ පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදාකොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විනි.