රාජ්‍ය ආයතනයන්හි අනුමත කාර්ය මණ්ඩලයෙන් බැහැර සේවක පිරිස් තබාගෙන ඔවුන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එම ආයතනවල සභාපතිවරුන්, විධායක නිලධාරීන් හා ගණකාධිකාරීවරුන් එහි වගකීම් භාරගත යුතුයැයි රජය තීරණය කර ඇත.
බෝට්ටු නිෂ්පාදනයේ හා අපනයනයේ ඉදිරියටම පැමිණෙමින් තිබෙන බවත්, එසේම නාවික හා සමූද්‍ර සංචාරක ක්ෂේත්රයේ සංවර්ධනය කැපී පෙනෙන බවත්, අප මේ වන විට 2016 ට සාපේක්ෂව 2017 වසරේ දී බෝට්ටු නිෂ්පාදන අපනයනය සියයට 50% කින් වැඩි කර ගෙන, ඩොලර් මිලියන 97 ක (රුපියල් මිලියන 15,520) ආදායමක් උපයා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගත් “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුව අද (18) පෙ.ව 10.00ට කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ලැබෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.