තරැණ තරැණියන් හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයට යොමු වීම අඩු මට්ටමක පවතින බවත්, ඔවුන් පොළඹවා ගැනීම සදහා ජාතික ශිල්ප සභාව අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ශිල්ප නවෝදා වැඩ සටහන ආරම්භ කරමින් පාසැල් සිසුන් 30,000 කට හස්ත කර්මාන්ත ශිල්පය පිළිබද පුහුණුවක් ලබාදී තිබෙන බවත්, 2018 වසර සදහා ශිල්ප නවෝදා වැඩසටහනට රුපියල් ලක්ෂ 80 ක් වෙන්කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මහජන අඳහස් විමසීමේ රැස්වීම අද (02) මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගනිමින් ඉතාමත් සාර්ථක ලෙස පැවැත්වීය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව පළාත් පාලන නියෝජිතයින් සදහා ධාරිතා සංවර්ධන වැඩසටහනක් ඊයේ (01) පොළොන්නරුවේදී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමා ද එහිදී නව පළාත් පාලන නියෝජිතයින් අමතමින් විශේෂ දේශනයක් සිදුකරනු ලැබීය.
නව ග්‍රාම නිලධාරීන් 1650ක් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (1) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.