අධිකරණ අමාත්‍යාංශය මගින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 275 ක වියදමින් ඉදිකරන ලද වත්තල නව අධිකරණ සංකීර්ණය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ එක් දින සේවාවන් පැවැත්වීමට මාතර දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු සූදානම් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බඳවා ගන්නා නව ග්‍රාම නිලධාරින් 1650 ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (ජුනි මස 01) අද පෙ.ව. 11.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.
වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර, PMB Rice වෙළඳනාමයෙන් ශ්‍රී ලංකාවේ සතොස ඇතුළු වෙළඳපොළට යොමුකිරීම සඳහා වී අලෙවි මණ්ඩලය ඉදිරියේ දී කටයුතු කරන බව වී අලෙවි මණ්ඩලයේ නව සභාපති ලෙස පත් වූ නීතීඥ උපාලි මොහොට්ටි මහතා පවසයි.