ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ලෝකයේ මානව හිමිකම් කවුන්සිලයන් අතරින් “A” කාණ්ඩයට ශ්‍රේණි ගතවීම අප රට ශිෂ්ඨ සම්පන්න ගෞරවණීය දේශයක් ලෙස ලෝකයා ඉදිරියේ ඔසවා තැබූ අවස්ථාවක් බව මාගේ විශ්වාසයයි.
දකුණේ වෛරස් උණ රෝගයට ගොදුරු වූ රෝගීන්ට ලබාදීමට යෝජනා කර ඇති ඉන්ෆ්ලුවෙන්සා එන්නත විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවක් සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත පමණක් රෝහල් වලට ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අපවත්වී වදාළ පූජ්‍ය මාදුසොභිත හිමියන්ගේ ජන්ම දිනය සමරමින් ඊයේ (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපල සිරිසේන මැතිතුමා එක්විය.
මුල්වරට නිවාසයක් මිලදී ගනු ලබන මැදි ආදායම්ලාභීන්ට පෞද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘති වෙතින්ද නිවාස මිලදී ගැනීම සඳහා ඉඩ සළස්වමින් මැදි ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය පුළුල් කිරීමට රජය තීරණය කොට ඇත.