රාමසාන් උත්සව සමයේ ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉදි තොග බෙදා හැරීමට කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.
ආණ්ඩුවේ පාලනය යටතේ පවතින රූපවාහිනී ආයතන දෙක වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවෙහි (ජාතික රූපවාහිනිය ) සහ ස්වාධීන රූපවාහිනී සේවයෙහි (අයි ටී එන් ) අධ්‍යක්ෂ මණ්ඩල සභපති තනතුරු සඳහා කාන්තාවන් දෙදෙනෙක් පත් කිරීමට මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පියවර ගෙන ඇත.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සහ සැලසිනේ ආයතනය සඳහා නව ප්‍රධානීන් පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රැකියා ලබාදීමේ යුගයක් අපි නිර්මාණය කරනවා.රටේ නිෂ්පාදන, සංචාරක ආදි අංශවලින් මෙම ආයෝජන ආරම්භ කිරීමට අපි සූදානම්. 2020 වන විට එම ආයෝජන සංඛ්‍යාව තවත් වැඩි කිරීමට
අප සූදානම් වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.