කොරියානු රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා 2018 වර්ෂයට අදාළව පැවැත්වුණු විභාගයෙන් සමත්වූ රැකියා අපේක්ෂිතයින් සඳහා නිපුණතා පරික්ෂණ මැයි මස 16 හා 17 යන දෙදින පැවැත්වීමට නියමිතව ඇත.
මධ්‍යම පළාත තුළ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සදහා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමට කටයුතු යොදන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.
මේ රටේ ලක්ෂ දාහතරක් පමණ වන රජයේ සේවකයින්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළේත් පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2500ක වටුප් වැඩිවීමක් ලබදුන්නේත් වර්තමාන ජාතික ආණ්ඩුව විසින් බව අද බොහෝ දෙනාට අමතක වී අතැයි කම්කරු හා වෘත්තීය සමිති සබඳත අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා පවසයි.
වයස අවුරුදු 18ට අඩු ළමයින් සඳහා බැංකුවල පවත්වාගෙන යන ළමා ඉතුරුම් ගිණුම්වලින් කිසිදු බද්දක් අය නොකිරීමට තීරණය කළ බව මුදල් හ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.