සෑම වසරකම සිංහල හා දෙමළ අළුත් අවුරුදු උත්සව සමයේ වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පසුගිය වසරවල දී දකින්නට හැකි විය.වෙළෙඳ පොලේ කූඨ ව්‍යාපාරිකයින් විසින් සිදුකරන පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහා පියවරක් වශයෙන් මත්ස්‍ය මිල ගණන් ඉහළ දැමීම පාලනයට පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දෙනු ලැබීය.
ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමක් මත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ධීවර හා ගොවිජනතාවගේ ජීවන තත්ත්වයන් උසස් කරලීම සඳහා අවශ්‍ය උපකරණ බෙදා දීමේ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම අද (09) හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
හෙළයේ මහා ගොවි පිළිවෙත, ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ‍්‍රී මහා බෝ සමිඳුන් අභියස දී ඊයේ (08) පෙරවරුවේ පැවැත්විණි.