පසුගිය මාර්තු මාසයේ මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය නිවේදනයක් මගින් ප්‍රකාශ කරයි.
දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් (විශේෂයෙන් නැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වල) බලාපොරොත්තු විය හකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන ලෝක සෞඛ්‍ය දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නෙලුම්පොකුණ රගහලේ දී ඊයේ (07) පෙරවරුවේ පැවැත්විනි.
21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී ආරම්භවු අතර බ්‍රහස්පතින්දා (5) දින කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ බර ඉසිලීමේ පිරිමි ඉසව්වේ කිලෝග්රැම් 248 ක බරක්
ඔසවමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 4 වන කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා සමාජයේ කෝප්රල් ජේ.ඒ.සී. ලක්මාල් විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.