මාර්තු 04, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නාගරික සංවර්ධන අධිකාරියේ 2017 වසරේ කාර්ය සාධනයේදී විශිෂ්ටතා දැක්වූ සේවක සේවිකාවන් ඇගයීමේ "පුරවර හරසර" සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන, ලේඛණ සත්‍යාපනය (සත්‍ය පිටපත් පවට තහවුරු කිරිම) කිරිමේ ක්‍රියාවලියේ ගාල්ල දිස්ත්‍රික් නියමු ව්‍යාපෘතිය කැනේඩියානු ශ්‍රි ලංකා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනම් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ප්‍රධාන ශ්‍රවාණාගාරයේ දි ඊයේ (05) පැවැත්විණ.

    ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මුලිකත්වය මත මෙම වැඩසටහන දිප ව්‍යප්තව සිදු කිරිමට නියමිත අතර, කුරුනැගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් හිද මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට නියමිතය.

    විදෙස් ගත වන ලාංකිකයන්ට විදේශ කටයතු අමාත්‍යාංශය වෙතින් අනිවාර්යයෙන් ලබා ගත යතු ලිපි ලේඛනයන්හි සත්‍යතාව පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් මගින් වඩාත් පහසුවෙන් සහ ක්ෂණිකව
    සිදු කර ගැනිම මෙම ක්‍රියාවලිය යටතේ ඉදිරියේදි සිදුවේ. උප්පැන්න සහතිකය හෝ ග්‍රාම නිලධාරී සහතිකය යනාදි ලේඛණ තහවුරු කොට කොළඹ පිහිටි විදේශ කටයුතුඅමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයට යාමට මින් පසු අවශ්‍ය නොවන අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින්ම විදේශ ගත විමට අවශ්‍ය ලිපි ලේඛණ ලබා ගැනිමේ ක්‍රමවේදයක් මේ යටතේ ක්‍රියාත්මක වේ. මෙමගින් පිට පළාත්හි මහජනතාව වෙත වඩාත් පහසුවෙන් අවම පිරිවැයක් මගින් තම කටයුත්ත කොළඹ ප්‍රෙද්ශයන් වෙත නොගොසින්ම සිදු කර ගැනිමේ පහසු කම සැකසේ.

    කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය මගින් මේ සඳහා අනුග්‍රහය දක්වන අතර, මෙම අවස්තාව සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ ජේෂ්ඨ අධ්‍යක්ෂ ජනරාල් එස් එස් ගනේගම ආරච්චි මහතා සහ විදේශ නියෝජිතයින් පිරිසක්ද එක්ව සිටියහ.

    එමෙන්ම ඒ අවස්ථාවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රෙද්ශයේ ප්‍රෙද්ශවාසියෙක් වන එන් ඩබ්ලිව් වගාරච්චි මහත්මිය වෙත සත්‍යාපනය කරනු ලැබු උප්පැන්න සහතික පිටපත්ක්ද මහකොමසාරිස් තුමන්
    අතින් ලබා දිමද සිදු විය.

    මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස් ටි කොඩිකාර මහතා ඇතුළු සියළු ප්‍රාදේශීය ලේකම් වරුන්සහ ග්‍රාම නිලධාරී රැසක්ද එක්ව සිටියහ. ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත පහසුකාරක උපකරණ ලබාදිමද මෙහිදි සිදු විය.

    DMU/galle

    අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්වීම නිසාවෙන් රජයත් එක්සත් ජාතික පක්ෂයත් ශක්තිමත් වූ බවත් ඒ තුළින් ජය ගමන ඇරඹූ බවත් ව්‍යාපෘති කලමනාකරණ , තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (05) ප්‍රකාශ කළේය.

    කිතුල් කර්මාන්තය නංවාලීමේ අරමුණින් ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය ක්‍රියාත්මක කර ඇති කිතුල් ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය මගින් මේ වසරේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ජාවක් ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේදී පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya