ඇල්පිටිය - ඉගල්කන්ද වතුයායේ ඉදිකෙරෙමින් පවතින නව උදා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු වල ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීමට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ සහභාගිත්වයෙන් පසුගියදා එම ගම්මානයේ දී සිදු විය.
ඉදිරි මාසය තුල තවත් ඖෂධ වර්ග රැසක මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. එහිදී මිල අධික ඖෂධ සහ පිළිකා ඖෂධ වල මිල අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
අතුරුදහන් ව ඇති සිය දරුවන් පිළිබඳ තොරතුරු සොයා දෙන ලෙස ඉල්ලමින් දින 389ක් තිස්සේ මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත මව්වරුන් පිරිසක් හමු වීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දින උතුරේ සංචාරකය නිරත විය.
ගෘහ සේවක,සේවිකාවන්ටත් ඉදිරියේ දී අර්ථ සාධක අරමුදල් ගෙවීමට අවශ්‍ය නීති කෙටුම්පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.