රටේ තරුණ පරපුරට යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනගාදීමට සියලු දෙනා සාමූහිකත්වයෙන් වගකීම් ඉටුකළයුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත ලබාගත් පෙට් ස්කැනර් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කර අප්‍රේල් (01) අද සිට සේවා කටයුතු ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
වත්මන් රජයේ අයවැය යෝජනාවකට අනුව දේශීය කර්මාන්තකරුවන් දිරි ගැන්වීමේ හා නඟා සිටුවීමේ අරමුණින් පැරණි අබලන් වු දුම්රිය මැදිරි 200 ක් පූර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමේ ව්‍යාපෘතියක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේ ජනවාරි මස ආරම්භ කරන ලද අතර මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කරනු ලැබු මැදිරි 09 ක් සහිත විශේෂ දුම්රිය කොළඹ කොටුවේ සිට රාගම දක්වා
ඊයේ 31 දින පෙ.ව. 09.00 ට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේ ය.