ඉඩම් සංවර්ධන හා මහවැලි සංවර්ධන, වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය 1994 වසරේ ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක මැතිඳුන්ගේ 76 වැනි ජන්ම දින සැමරුම මාර්තු මස 20 වන අද දිනට යෙදී තිබේ.
මොරගහකන්ද ගුරුවෙළ ගොවිපොළ පසුගිය වසරේ දී එම ගොවි පොළේ වගා කෙරෙන පලතුරු අලෙවි කිරීමෙන් රුපියල් එක්කෝටි 60 ලක්ෂයක මුදලක් උපයාගෙන තිබේ.
2018 පළාත් පාලන මැතිවරණයේ දී පානදුර නගර සභාවට හා පානදුර ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ නියෝජිතයන් ශ්‍රි.ල.නි.ප කළුතර දිස්ත්‍රික් නායක, පානදුර ප්‍රධාන සංවිධායක හා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරියේදී එම අමාත්‍යංශයේදී දිවුරුම් දීම ඊයේ (19) දින සිදුකෙරිණ.
තිලක් මාරපන, සරත් අමුණුගම හා ෆයිසර් මුස්තාෆා යන අමාත්‍යවරුන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසි වාරයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුළත් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.