රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (30) උදෑසන සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය සහ ඉල්ලීම් පිළිබද සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (30) පැවැත්විනි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මැතිවරණ පැමිණිලි භාර ගැනීමේ ඒකකයක් ස්ථාපිත කර ඇත.
මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම පෙබරවාරි මස 06 දින පෙ.ව. 10.30 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවල මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.
සේවා නියුක්තිකයන්ට ස්වකීය ඡන්දය දීමේ කාර්යය සඳහා නිවාඩු දෙන ලෙස ලියවිල්ලකින් ඉල්ලා සිටින සෑම සේවා නියුක්තියෙකුටම නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.