පෙබරවාරි 25, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ලාංකීය සිනමාවේ සාම්ප්‍රදායික හැඩතලය,රැඩිකල් අවකාශයකට විවර කළ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිර නාටක රචක ධර්මසේන පතිරාජයන්ගේ අභාවය සැළව සාතිශය සංවේගයට පත් වූ බව අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    නිකුත් කළ නිවේදනය මෙසේය..

    ශෝක පණිවුඩය

    ලාංකීය සිනමාවේ සාම්ප්‍රදායික හැඩතලය, රැඩිකල් අවකාශයකට විවර කළ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ තිර නාටක රචක ධර්මසේන පතිරාජයන්ගේ අභාවය සැළව සාතිශය සංවේගයට පත්වීමි.

    හන්තානේ කතාව සිනමා පටයේ අධ්‍යක්ෂවරය ලෙසින් සිනමාවේ අත්පොත් තබන පතිරාජයන්, සිය ප්‍රථම නිර්මාණය වන අහස් ගව්ව සිනමා පටයෙන් ලාංකීය සිනමාව නව කියැවීමකට යොමු කළේ ය. අනතුරුව හැත්තෑව දශකය සිය විප්ලවීය ආඥදායකත්වයට හසුකරගත් ආක්‍රමණකාරී ගැටවරයා, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්,පාරදිගේ, සොල්දාදු උන්නැහේ සමඟ අසූවේ දසකයට පා තැබුවේ, අපේ සිනමාව ප්‍රබුද්ධ ප්‍රවේශයකට කැඳවාගෙන යමිනි.

    ''පොන්මනී'' දෙමළ සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සාමාජීය සංහිඳියාවේ සොඳුරු පණිවුඩය සිනමා තිරය මත කැටපත් කළ පතිරාජයන්, දේශීය සිනමාවේ අනාගත වංශය ලියන්නා වූ පරම්පරවට පූර්වාචාර්යවරයකු විය.


    නිර්භයව සහ සෘජුව සිනමාව දේශපාලනික කියවීමක් බවට පත් කළ මේ අග්‍රගණ්‍ය සිනමාවේදියාණන්, වේදිකාව මෙන් ම ගීත රචනයද පරිවර්තන සාහිත්‍ය ද අතික්‍රමණය කළ බහුවිධ ශක්‍යතාවයන්ගෙන් හෙබි මහා වනස්පතියක්
    බඳුය.

    සසර නියාමයට අනුගතව දැවැන්තයා නික්ම ගියද ඔහුගේ සෙවනැල්ල චිරාත් කාලයක් සහෘද සිත් සතන් තුළ පියා විදාළන සොඳුරු කවියක් සේ සලකුණුව පවතිනු ඇත. ධර්මසේන පතිරාජ නම් විශිෂ්ටයාට, වියෝව ඇවිළෙන හදවතින් සමුදෙමින් නිවන් සුව පතමි.

     

    මෛත්‍රිපාල සිරිසේන
    ජනාධිපති

    2018 ජනවාරි 28 වැනි දින

     

    ආචාර්ය පතිරාජයන්ගේ නිර්මාණාත්මක මඟ පෙන්වීම රටට අවැසි මොහොතක, වියෝවීම රටට සිදුවූ ඉමහත් පාඩුවක් බව අභාවප්‍රාප්ත මහා සිනමාකරු ආචාර්ය ධර්මසේන පතිරාජ මහතා වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියි

    විවිධ හේතූන් මත පහුගිය දවස්වල ඉන්ධනහල් කිහිපයකට සීල් තැබූ බවත් කුමන බලපෑම් ආවද භූමිතෙල් කලවම් කිරීම ඇතුළුව මේ රටේ ඉන්ධන මාෆියාව හැකි ඉක්මනින්ම නතර කිරීමට පියවර ගන්නා බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    2018 ලෝක තෙත් බිම් දින ජාතික වැඩසටහන මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  පෙබරවාරි 02දා පෙ.ව. 9.00 ට බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya