වනාන්තර ගිනි ගැනීම් පාලනය කිරීම හා වළක්වා ලීමේ අරමුණින් ගිනි ආරක්ෂණ බිම් තීරු ඇතිකිරීම,ගිනි නිවීමේ හදිසි ප්‍රතිචාර ඒකක ස්ථාපිත කිරීම සහ දිවයිනම ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනී.
තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට නැවත ආකර්ෂණය කරගැනීම සඳහා නවීන තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිත කරනු ලබන ආදර්ශ ගොවිපල කීපයක් රට තුළ ස්ථාපනය කර, එමඟින් 6500ක පමණ තරුණ තරුණියන් පිරිසකට කෘෂි ව්‍යවසායකත්ව දැනුම ලබාදීමට රජය සැලසුම් කොට ඇත.
ඇස්බැස්ටෝස් නිෂ්පාදනය,භාවිතය සහ අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමට අදාළව 2018 වසරේ ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වීමට තිබූ සීමා කිරීම් ක්‍රියාවට නංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.