ශ්‍රී ලාංකික ඓතිහාසික මානවයාගේ ඉතිහාසය තුළ කිසිදු හිදැසක් නොමැති බවත් එම ඉතිහාසය අඛණ්ඩව ඉදිරියට ගලා ගොස් ඇති බවත් කලවකවානු තුළින් ඒ බව ස්ථාවරව ප්‍රකාශ කිරීමට හැකියාව ඇති වී තිබෙන බවත් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨන වසරකට 80,000ක් වාර්තා වන බවත් ඉන් විෂ ශරීරගතවීම 30,000ක් සිදු වන බවත් මෙය ප්‍රජා සෞඛ්‍යයට මෙන්ම ආර්ථිකයට විශාල බලපෑමක් බවත් ඉදිරියේ දී සර්ප දෂ්ඨනයට ප්‍රතිකාර කිරීමට මෙරටින් ප්‍රතිවිෂ ඖෂධයක් හඳුන්වාදීමට හැකියාව තිබෙන බවත් ජාතික පර්යේෂණ සභාවේ සභාපති,කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජනක ද සිල්වා මහතා පවසයි.
දිවයින ආසන්නයේ වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දෙද්දුව සංචාරක කලාපය ඉදිකිරීම සඳහා ඉඩම් පවරා ගැනීම පිළිබඳ ලේඛණය බෙන්තර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දෙනු ලැබිය.