රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ සම්බන්ධයෙන් තාවකාලිකව පනවා ඇති තහනම ඉක්මනින් ම නිරාකරණය කරගැනීමට කටයුතු කරන බවත් ඉතාමත් ඉක්මනින් මේ පිළිබඳව සාකච්ඡා සිදු කරන බවත් ගැටළුවට සාර්ථකව මුහුණ දීමට සූදානම් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදුණු මලයාසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී හාජි මොහොමඩ් නජිබ් බින් තුන් හාජි අබ්දුල් රසාක් මහතා සහභාගී වූ සුවිශේෂී අවස්ථා ඇතුළත් ඡායාරූප ඇල්බමය සහ සංයුක්ත තැටිය මලයාසියානු අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමීම ඊයේ (20) කොළඹ, ෂැංග්‍රිලා හොටල් පරිශ්‍රයේ දී සිදු විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී හාජි මොහොමඩ් නජිබ් බින් තුන් හාජි අබ්දුල් රසාක් (Sri Haji Mohammad Najib bin Tun Haji Abdul Razak) මහතා අද (19) දින අරලියගහ මන්දිරයේ දී හමු වී සාකච්ඡා පැවැත්වීය.
දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.