පරිසරය සුරැකීමට නීතිරීති ශක්තිමත් කර තිබෙන බවත් වන ගහණය වැඩි කිරීමට ජනාධිපතිතුමා වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකශ කරයි.
බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා මුහුණ දීමට සූදානම් බවත් ඊට සහාය ලබාදෙන බවත් පරීක්ෂණවලට හානීවන කිසිවක් තමා විසින් සිදු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.
පක්ෂයක් ලෙස මැතිවරණ කල්දැමීමට ඉල්ලීමක් කර නොමැති බවත් මැතිවරණය පවත්වන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
පාර්ලිමේන්තුව ඒකධිපතිවරු ආරක්ෂා කළ පාර්ලිමේන්තුවක් නොව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ පාර්ලිමේන්තුවක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුනාරත්න පරණවිතාන මහතා පවසයි.