ණය කන්ද මතු දරු පරපුරට ඉතිරි කරන්න බලාපොරොතුවක් නොමැති බවත් මෙවර ඉදිරිපත්කර තිබෙන අයවැය සැළසුම්සහගත ලෙස සකස් කළ අයවැයක් බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩර මහත්මිය පැවසුවාය.
විදේශ ආයෝජනවලට දොරටු විවෘත කරමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම අවශ්‍ය බවත් රට බෙදීමට උත්සහායක් ඇතැයි කීම සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බවත් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
රටේ සියලු සමාජ තීරුවලට සධාරණය ඉටු වන අයවැයක් ඉදිරිපත් කර ඇතැයි වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
රටේ අපනයනය මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන නොවෙයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.