මෙවර ඉදිරිපත් කර තිබෙන්නේ නව දිශාවක් කරා ගමන් කරන අයවැයක් බවත් එය දීර්ග කාලීන වැඩපිළිවෙළක් සහිත වූවක් බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
විශාල ණය බරක් තිබියදීත් රජය සුබසාධනය කප්පාදු කර නොමැති බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට නම් නිසි මූල්‍ය පාලනයක් තිබිය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කරයි.
අධ්‍යාපන ප්‍රතිපත්තිවල වෙනසක් සිදු විය යුතු බවත් පෞද්ගලික අංශයේ රැකියා උත්පාදනය දිරිමත් කිරීමේ අවශ්‍යතාවය මතුවී තිබෙන බවත් තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය දෙස අලුතින් සිතිය යුතු බවත් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංස්කෘතියක් බිහිකිරීමට අවශ්‍ය පසුබිම සැලසීම මෙවර අයවැයේ සුවිශේෂී ලක්ෂණයක් බව ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.