මහාචාර්ය ගුණපාල මලලසේකර සූරීන් ගුණානුස්මරණ උත්සවය අද පස්වරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.
ගුණපාල මලලසේකර මහතාගේ චරිතාපදානය වර්තමාන තානාපතිවරුන් ද ඇතුළු රාජ්‍ය තාන්ත‍්‍රික දුත මණ්ඩල සාමාජිකයන්ට මහත් ආදර්ශයක් බව සදහන් කළ ජනාධිපතිතුමා බණ්ඩාරනායක මැතිතුමාගේ මධ්‍යස්ථ විදේශ ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයමින්, ක‍්‍රියාත්මක කිරීමට ගුණපාල මලලසේකර මහතා කළ කැපවීම ද සිහිපත් කළේය.එමෙන්ම මලලසේකර මහතා රටේ ගෞරවය ජාත්‍යන්තරය වෙත ගෙන යමින් රටට කීර්තියක් අත් කරදුන් අසමසම විද්වතෙකු බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.