ලෝක නව නිපයුම්කරුවන්ගේ දිනයට සමගාමීව ජාතික නව නිපයුම්කරුවන් වෙනුවෙන් මෑතකදි පවත්වන ලද ‘සහසක් නමැවුම් - 2017’ ජාතික තරඟාවලියේ සහ මහා ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නව නිපැයුම්කරුවන් 08 දෙනෙකු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක දී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සහ මුදල ත්‍යාග ද හිමි කරගන්නා ලදී.
රටට ගැළපෙන ලෙස පනත් වෙනස්විය යුතු බවත් පනත් සංශෝධනය කෙරෙන්නේ රටකට හොඳක්වීමට බවත් නිවැරැදි මාර්ගයකට රට ගෙන යාමට සූදානම් විය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකට මහතා පවසයි.
මෙවර අයවැයෙන් සියලු සුබසාධන කප්පාදුවට ලක් කර තිබෙන බවට වැරදි මතයක් රටතුළ ඇතිකරන්න උත්සහ කරන බවත් මෙවර අයවැයෙන් එසේ සිදු නොමැති බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
භාණ්ඩ හුවමාරු කේන්ද්‍රයක් බවට රට පත් කළ යුතුයි. ගෝලීය ආර්ථිකයෙන් අනෙක් රටවල් දියුණු වෙනවා නම් අපේ රටට ගැළපෙන පරිදි ආර්ථිකය වෙනස් කරගත යුතු යැයි ජාතික ප්‍රතිපත්තිය හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යය් නිරෝෂණ පෙරේරා මහතා පවසයි.