ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අද (20) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
ත්‍රිවීල් රථවල අනිවාර්යයෙන්ම මීටරයක් සවි කළ යුතු බවත් ඉදිරියේ දී වයස අවුරුදු 35 අඩු පුද්ගලයන්ට කූලි ත්‍රීරෝද රථ පැදවීමට නොහැකි වන නීති ගෙන එන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඉදිරි තුන් වසරට පරිපූර්ණ ආර්ථික උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරනවා. අපි වාර්ෂික ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 දක්වා වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා.වාර්ෂික ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම අපේ ඉලක්කයයි. පොහොසත් හා බලවත් ජනතාවක් මේ සංවර්ධන ක්‍රමෝපායන්හි ඉලක්කය වන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වර්ධනය කිරීමයි.ශ්‍රී ලංකාව යළිත් ඉන්දීය සාගරයේ ආර්ථික හා වෙළඳ කේන්ද්‍රස්ථානය ලෙසට පත් කරවීමේ වෑයමක්. අපගේ මාතෘ භූමිය ඉහළට ඔසවා තබන මේ අභියෝගාත්මක ගමනට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
දුම්රිය මඟී සේවාව අඩාල නොකරන ලෙසත් එසේ නොමැති වුවහොත් දුම්රිය මඟී සේවාව පවත්වාගැනීමට දැඩි පියවර ගැනීමට සිදු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.