කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක අලෙවි මංපෙත ප්‍රදර්ශනය අද(24) පෙ.ව. 10.00 ට ගාල්ල නගර ශාලාවේ දී ආරම්භවේ.
දිවයින පුරා විසින සිටන අලෙවි කරුවන්, ප්‍රදාන ගැනුම්කරුවන් සහ විකිණුම් කරුවන් එකම ස්ථානයක දී හමු වීම මෙහි දී සිදුවේ. මේ යටතේ දිස්ත්‍රික්ක 07ක විකිනුම් කරුවන් 100ක් සහභාගි වීමට නියමිතය. එමෙන්ම 200ක් පමණ ගැණුම් කරුවන් මෙහි දි සහභාගි වීමට නියමිතිය.
මේ යටතේ විශාල පරිමාණයේ ඇදුම් මිලදී ගන්නන්, හොටල් කරුවන්, ආහාර නිශ්පාදකයින්, මල් වගා කරුවන්,අපනයනකරුවන්, එකම තැනකදී හමු වීමට හැකියාව පවති. මෙම වැඩසටහන මේසේ ක්‍රියාත්මක වන්නේ ගාල්ල සහ මහනුවර පමණක් වීම විශේෂත්වයකි.
මෙමගින් පුළුල් වෙළඳපොල විවෘත වීමත්, අතරමැදියන්ගෙන් තොර නිශ්පාදන අලෙවි කර ගැනීමට අවස්තාව විවර වීම මෙමගින් ලැබෙන ප්‍රතිලාභයන්වේ.
ගාල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් වැඩසටහන සංවිදානය කරන අතර, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් එය සිදුවේ.
ශී‍්‍ර ලංකාවේ දුර බැහැර ප‍්‍රදේශවල අඩුපහසුකම් සහිත විහාරස්ථානයන්හි සංවර්ධනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය යටතේ පිහිටුවා තිබෙන බෞද්ධ පුනරුද අරමුදල සඳහා මූල්‍ය පරිත්‍යාග භාරදීම (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ගංවතුරින් පීඩාවට පත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට මූල්‍ය ආධාර ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදු විය.
මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ඖෂධ මාෆියාව බිද දමා ඖෂධ මිල පාලනයට වත්මන් රජය ක්‍රියාත්මක වී ඊයේ (22) දිනට වසරක් සම්පූර්ණ වෙයි.