අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මහනුවර ශ්‍රී දළදා
මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා තිබේ.
සාමකාමී උද්ඝෝෂණයකයට හම්බන්තොට දී පහරදීමක් සිදුව නැති බවත් එහිදී අධිකරණ නියෝගය උල්ලංඝණය කර ඇති බවත් ජනමාධ්‍යවේදියාට පහරදීම සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට පරීක්ෂණයක් පොලිස් කොමිෂම මඟින් සිදු කරන බවත් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
සයිටම් නොවසා, සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්නය විසඳිමට සූදානම් නම් එයට සූදානම් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය හා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදාවන්ගෙන් හානියට පත්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීම මෙන් ම නැවත නිවාස ඉදිකිරීමට සුදුසු ඉඩම් හඳුනාගැනීම ආරම්භ කොට ඇතැයි අපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.