විද්‍යුත් ව්‍යවසායකත්වය දිරිගැන්විය යුතුයි. අනාගතය තිබෙන්නේ විද්‍යුත් ගෙවීම් තුළයි. ඉලෙක්ට්‍රොනික කටයුතු වැඩි දියුණු කිරීමෙන් රජයේ ආදායම වැඩි දියුණු වෙනවා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
2025 දී දැනුම කේන්ද්‍රස්ථානය වන ආර්ථිකයට ලංකාව ගමන් කිරීමේ දී ඩිජිටල් ආර්ථිකයට යැමේ වපසරිය සකස්කරගත යුතුව තිබෙන බවත් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු (සංශෝධන ) පනත මඟින් පිටරට කොන්ත්‍රාත්තුවක් ඉලෙක්ට්‍රොනිකව අත්සන් කිරීමේ හැකියාව ලැබෙන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සයිටම් ගැටළුවේ දී කඩාකප්පල්කාරී දේශපාලන පක්ෂයක හෝ දෙකක ගොඳුරු බවට පත් වී සිටින වෛද්‍ය සිසුන් මෙලෙස අධ්‍යාපන කටයුතු වර්ජනය කිරීම පිළිබඳව කණගාටුවට පත් වන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.
2018 අයවැය ඇස්තමේන්තුව අනුව ආමාත්‍යාංශ දහයක වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා කිරිමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට අද (17) යෝජනා ඉදිරිපත් කෙරිණ.