ඉන්දියාවේ සිට මාලදිවයින දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දියාවට අයත් මධ්‍යම ප්‍රමාණයේ නෞකාවක් (Merchant Sailing Vessel) ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදු ප්‍රදේශයේදී ඇති වූ හදිසි කාර්මික දෝශයක් හේතුවෙන් සම්පූර්ණයෙන් මුහුදුබත් වී අති අතර එම නෞකාව් සිටි 7 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලය බේරා ගෙන ගොඩබිම කරා රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගන්නා ලදී.
එක්සත් ජාතින්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) විසින් සංවිධානය කරනු ලැබූ තිරසාර සංවර්ධනය පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සතොස මූලස්ථානයේ දී පැවැත්විණි.
බේරුවල මස්සල ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ ධර්ම මන්දිරය විවෘත කෙරේ.
ජනතාවට තිබෙන ප‍්‍රධානතම ගැටලූව වන්නේ තමන්ගේ ඉඩමට සින්නක්කර ඔප්පුව ලබා ගැනීමට තිබෙන අවශ්‍යතාව බවත් ඒ සඳහා ඒ අයිතිය ලබාදීමට සැවෝම සහාය ලබාදෙමු යැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.