කාර්මික විප්ලවයේ යුග තුනක් අපට අහිමි වුණා. හතරවැනි කාර්මික විප්ලවයට අප එක් විය යුතුයි. මැදි ආදයම් රටක සිට ඉහළ ආදායම් ලබන රටකට යෑමේ එකම මඟ එයයි.ඩිජිටල් පදනම් මතයි රටවල් ගොඩනැඟෙන්නේ යැයි මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පිහිටි බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදොරු සයිඩ් මැක්සුල් හකීම් මහතා ඊයේ(16) සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.
වාලච්චේන ධීවර වරායට අනුයුක්තව රාජකාරී නියුතු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයන් පිරිසක් පසුගිය දා සිදු කරන ලද සෝදිසි කිරීමක දී ඩිංගි යාත්‍රාවක තිබී අල්ලන ලද මිනිමුතු මෝරෙකු සමඟ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුව ගෙන තිබේ.
දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයතව දුරටත් පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතටගමන් කරනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.