රටේ ආදායම වැඩි කිරීම කාලෝචිත අවශ්‍යතාවක් බවත් ආදයම් බදු සම්බන්ධයෙන් නව පනතක් ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන සතුටු වන බවත් රටකට ආදරය නම් තමන්ට හැකි තරමින් ආදායම් බද්දක් ගෙවන්න අවශ්‍ය බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
දේශීය ආදායම් පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
පක්ෂ,පාට භේද නොසළකා රට ඉදිරියට ගෙන යාමට සහයෝගය ලබාදීම සියලු දෙනාගේ වගකීම බවත් ණයෙන් ගොඩ ඒමට රජය වැඩි සැළකිල්ලක් දක්වා තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
රජ්‍ය සේවාවල නිලධාරීන්ට වාහන බලපත්‍රය නැවත ලබාගැනීමේ ක්‍රමවේදය නැවත ස්ථාපිත කළ බවත් සහනදායි වාහන බලපත්‍ර ක්‍රමය ප්‍රමාද වී හෝ නැවත ස්ථාපිත කරන්නට ලැබීම ගැන සතුටට පත්වන බවත් වාහන බලපත්‍ර සහන නැවත ලබාදුන්නේ යහපත් චේතනාවෙන් රටේ සුබසිද්ධිය සළකා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.