දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත වැදගත් පනතක් බවත් බදු පනවා ආදායම වැඩිකරගැනීමට කටයුතු කරනවා වගේම නොලැබෙන රජ්‍ය ආදායම ලබාගැනීමට ද කටයුතු කළ යුතු බවත් ආදායම වැඩිකරගත යුතු බොහෝ අංශ පවතින බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
බදු ගෙවීම ජාතික වගකීමක් වන බවත් රාජ්‍ය ආදායම වැඩි කිරීම ඉතාම වැදගත් බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
නව දේශීය ආදායම් බදු පනත මඟින් ආයෝජනයට දිරිගැන්වීම් යෝජනා කර තිබෙන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් මුහුණ දී ඇති ගැටළු විසඳීම සඳහා විසඳුම් මාලාවක් ඉදිරිපත් කර ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.