ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
මෙරට මැතිවරණ ඉතිහාසය ඓතිහාසික සන්ධිස්ථානයක් වෙත රැගෙනයමින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත ගෙන ඒමට රජය සමත්ව තිබෙන බවත් එමගින් ගමට වගකියන නියෝජනයක් බිහිකර ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවන බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
දේශපාලනික අවස්ථාවාදියෙකු ලෙස කටයුතු කරමින් පාලන තන්ත්‍රය තුළ බේද ඇතිකිරීමට විවිධ කුමන්ත්‍රණ කරමින් සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අනුගමනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අන්ධයෙකු මෙන් දේශීය ආදායම් පනත පිළිබඳව විවිධ විකෘති ප්‍රකාශ කරමින් සිටිනවා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
කෝට්ටේ රජමහා විහාරයේ දී පසුගිය දා පැවැති දළදා පෙරහැරේ කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.