පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රජයේ ඉදිරි ආර්ථික සංවර්ධන දැක්ම එළිදැක්වෙන ‘‘විෂන් – 2025, පොහොසත් රටක්’’ යන තේමාවෙන් යුතු ආර්ථික සංවර්ධන මහෝත්සවය අද (4) කොළඹ දී පැවැත්වීමට නියමිතය.

    ජගත් ජයසූරිය මහතාට හෝ මේ රටේ කිසිදු හමුදාපතිවරයෙකුට, රණවිරුවෙකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

     ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා විද්‍යාපීඨයේ තුන්වන වාරයේ අධ්‍යන කටයුතු සැප්තැම්බර් මස 06 වන දින ආරම්භ කිරීමට නියමිත බව පීඨාධිපතිනි රමණි අබේනායක මහත්මිය පවසයි.

    ලොව පුරා විසිරි සිටින මුස්ලිම් ජනතාව ඇති - නැති, උගත් - නූගත් කිසිදු භේදයකින් තොරව මක්කම පූජා නගරයට ඒකරාශීව, ආගමික පිළිවෙත් ඉටුකරන හජ් උත්සවය ඉස්ලාම් ධර්මය තුළ මහත් හරසරින් සැමරෙන උත්තරීතර ආගමික පිළිවෙතකි.


    ඉබ්‍රාහිම් නබි තුමා තම පුතණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ මෙම පිළිවෙත, ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් එක් වී ලෝක සාමය වෙනුවෙන් ආගමික වතාවත් ඉටුකරන ජාත්‍යන්තර සමුළුවක් වශයෙන් ද සැලකිය හැකිය.


    ආත්මාර්ථකාමීත්වයෙන් හා ලෝභයෙන් මිදී තමන් සන්තක දෙය අන්‍යයන් හා බෙදා හදා ගැනීම, සහජීවනයෙන් දිවි ගෙවීම, සමාජය තුළ උස් පහත් භේද දුරලා සමානාත්මතාව ගොඩනැගීම ආදී උතුම් පරමාර්ථ සඳහා හජ් උත්සවයේ ප්‍රමුඛ අගයක් ලැබේ. එය මුස්ලිම් ජනතාවට පමණක් නොව සමස්ත ලෝක වාසීන්ට මහත් ආදර්ශයක් වන බව මගේ හැඟීමයි.


    එම අධ්‍යාත්මික වටිනාකම් ලොව වෙත ගෙන යන්නට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමින්, අද දින හජ් උත්සවය සමරන්නා වූ සියලූ මුස්ලිම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල් අල්හා උත්සවයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

    රනිල් වික්‍රමසිංහ
    අග්‍රාමාත්‍ය
    2017 අගෝස්තු 30

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya