පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
වගකිව යුතු රජයක් ලෙස, නියඟයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ දීර්ග කාලීනව සැලසුම් සකස් කර සහනදායි සැළැස්මක් ක්‍රියාත්මක කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යනිරෝෂන් පෙරේරා මහතා පවසයි.
නියඟයට මුහුණ දී සිටින ජනතාවගේ පානීය ජල ගැටළුව විසඳීමට උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කර තිබෙන බවත් දිවා කාලයේ පමණක් නොව රාත්‍රි කාලයේ දීත් බවුසර් මඟින් ජලය ලබාදීමට කටයුතු කර ඇති බව නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.
අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 126ක නියඟයට මුහුණදුන් ජනතාවට පානීය ජලය ලබාදීමට කටයුතු කර තිබෙන බවත් නියඟයට මුහුණ දුන් පවුල්වට සහල් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පැවසුවාය.