කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් 2017 වසරේ ඔක්තෝබර් මස ඉදිකිරීම් අරම්භ කිරීමට නියමිත බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ ( සංශෝධන ) පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
නියඟය හේතුවෙන් වගා හානිවූවන්ට වන්දි ලබාදීමට ක්‍රියාකරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
වර්ෂ 2020 වනවිට සූර්ය විදුලිබල සබඳතා මඟින් මෙගාවෝට් 440ක් ජාතික පද්ධතියට එකතු කිරීම ඉලක්කය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.