අද සහ හෙට දිනයන්හි දී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දශක හතරක දේශපාලන ගමන්මගේ සුවිශේෂ අවස්ථා ආවරණය කළ ''හෙට දකින රනිල්'' ප්‍රදර්ශනය ලබන 17 වන දින සවස 3.30 ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
2017 අයවැය යෝජනා මල්ඵල ගන්වමින් රජයේ පොළි ණය යෝජනා වැඩසටහන 2017 මාර්තු 31 දිනසිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබාදී ඇති අතර ඒ අනුව බැංකු විසින් ණය දීමේ මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ මෙතෙක් නොවිසඳුණු ජනතා ගැටළු 3500ක් විසඳීම සඳහා නිල මෙහෙවර ජනපති ජනතා සේවය 19 වැනි සෙනසුරාදා දිනය පුරා පඩුවස්නුවර දෙමටව මහා විද්‍යාලයේ දී පැවැත්වේ.