උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 7.5 ක් පමණ උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් තිදෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
රටේ අවශ්‍යතාවකින් තොරව වරායන් ඉදිකිරීමට කිසිදු කැමැත්තක් නොමැති බවත් නවීන තාක්‍ෂණය අනුව රටට ගැලපෙන වරායන් ඉදිකිරිම අපේක්‍ෂාව බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කරයි.
ඉදිරි දින කීපයේ දී (විශේෂයෙන් 18 සහ 19 දිනවලදී) දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 32 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.