පාර්ලිමේන්තු මන්ත්‍රී යෝජනා හයක් අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.
පසුගිය 28 දින පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කැඳවීමේ සීනුව නාද කිරීම, කතානායක, පාර්ලිමේන්තු මහලේකම්, සහ ජනාධිපතිවරයාගේ අසුනේ වාඩිවීම යන සිදුවීම් නිසා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් සිදු වූ බවත් ඉන් වරප්‍රසාද කඩවීමක් සිදු වී ඇති බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ප්‍රකාශ කළේ ය.
සමෘද්ධි සහනධාර හිමි අයගේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් දැනට සමෘද්ධි සහනධාර ලබන අය සමෘද්ධි සහනාධාර වැඩපිළිවෙලින් ඉවත්වීමක් සිදු නොවන බවත් සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
කුඩා තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය නියමිත පරිදි ලබාදෙමින් පවතින බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.