අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතගේ දේශපාලන දිවියට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් සිදු කෙරෙන ආශිර්වාදාත්මක බෝධි පූජාව හෙට (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
අනවසර සහ අනාරක්ෂිත ප්‍රදේශවල ජීවත්වන පිරිස්වෙත ආරක්ෂිත ස්ථානවලින් ඉඩමක් ලබාදීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකෙරෙන බව උඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
සමෘද්ධිලාභී පවුල්වල උසස්පෙළ සමත් සිසුසිසුවියන් 25 දෙනෙකුට ජපන් භාෂාව පිළිබඳවසර 02ක ඩිප්ලෝමා පාඨමාලාවක් ජපානයේදී හැදෑරීමට වරම් හිමිව තිබේ.
රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර වෙනුවට මුදල් ලබාදීමේ වැඩපිළිවෙල අනුව මාතර දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන් සඳහා 2017 යළ කන්නයේ වගා කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 145.7 ක මුදලක් ගොවීන්ගේ ගිණුම් වලට බැර කර අවසන් බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කීර්ති අබේසිංහ මහතා පවසයි.