නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ පාලක මණ්ඩලයට දුම්කොළ සමාගමක අධ්‍යක්ෂවරයෙකු පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළ ද, එම පුද්ගලයා වරලත් ගණකාධිවරයෙකු මෙන්ම, අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකවරයෙකු ලෙස ද කටයුතු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් ජුලි මස 28 දින ආරම්භ කළ ඩෙංගු මර්දන වැඩසටහනේ තෙවැනි දින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (30) ක්‍රියාත්මක කෙරේ.