රටේ ඉදිරි අනාගතයට ජාතික සම්පත් ඉතිරි කළ යුතුයි. තෙල් සංස්ථාවේ අයිතිය ආරක්ෂා කරනවා. මහජන පීඩාවක් වන දෙයක් කරන්න මම අමාත්‍යවරයා ලෙස ඉඩ දෙන්නේ නෑ.මොන දේශපාලනය කළත් ආයතන ආරක්ෂා කරනවා වගේ ම මහජන පීඩාවක් වෙනවා නම් ඕනෑම තීරණයක් ගන්න කැමති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.
අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව අද (27) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
මෙරට විදුලිය ලබා දිය හැකි සියලු නිවාස සඳහා මේ වන විට විදුලිය ලබා දී ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා පවසයි.
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් පහක් සහ ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන ) පනත් කෙටුම් පත, රේගු ආඥාපනත යටතේ යෝජනාව අද (26) පාර්ලිමේන්තුවේ දී විවාදයකින් තොරව සම්මත විය.