ඛනිජ තෙල් වෘත්තීය සමිති ගෙන යන වර්ජනය පිළිබඳව පාර්ලිමේන්තුවේ උණුසුම් විවාදයක් ඇති වූ අතර කතානායකක් කරූ ජයසූරිය මහතා විසින් තාවකාලිකව අතිහිට වූ පාර්ලිමේන්තුවේ කටයුතු යළි මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
අපේ රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නැහැ. ඛනිජ තෙල් බෙදා හැරීමේ සියලු කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. ජනතා යහපත වෙනුවෙන් යහපත් පිළිවෙතින් අයහපත් දේ යටපත් කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ඛනිජ තෙල් වෘත්තීය සමිති ගෙන යන වර්ජනය පිළිබඳව පාර්ලිමේන්තුවේ අද (26) උණුසුම් විවාදයක් ඇති වූ අතර කතානායක කරූ ජයසූරිය මහතා විසින් සභවේ කටයුතු තාවකාලිකව අත් හිටුවනු ලැබීය.
හම්බන්තොට වරාය සම්බන්ධයෙන් අවසර ලබාදීමේ ගිවිසුම් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.